top of page

ඔටිසම් සඳහා අන්තර්ජාල චිකිත්සක ක්‍රම

ඔබ කවුරු වූවත්, ලෝකයේ කොතැනක හෝ සිටියත්, අප ඔබේ දරුවාට අවශ්‍ය දේ ලබා දීමට පියවර ගැනීමට කටයුතු වේ.

ඔබගේ නිවසේ ආරක්ෂාව සිටම, ඔබට චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අන්තර්ජාලය හරහා ලබා දීමට අප කටයුතු කර ඇත.

මාසයකට US$125/£100/AUS$180 සිට

WhatsApp/Viber හරහා හෝ දුරකථනයෙන් අමතන්න

icon_new-purple + white bg.png
WhatsApp_Logo_1.png
Or give us your contact details - we will get back to you soon

Thank you - we will contact you soon

ඔබගේ දරුවාට හැකි උපරිමයෙන් උදවු කිරීම Daddys Lanka ආයතනයේ පූර්වතාවය වේ. ඔබ කවුරු වූවත්, ලෝකයේ කොතැනක හෝ සිටියත්, අප ඔබේ දරුවාට අවශ්‍ය දේ ලබා දීමට පියවර ගැනීමට කටයුතු වේ. මෙවැනි කාළයක, ඔබගේ දරුවාට අවශ්‍ය සහාය ලබා ගැනීම අපහසු විය හැකියි. එසේ හෙයින්, ඔබගේ දරුවා වෙනුවෙන් පෙනී සිටින්නට, ඔබට චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අන්තර්ජාලය හරහා ලබා දීමට අප කටයුතු කර ඇත.

 

ඔබගේ දරුවාට සුවිශේෂී චිකිත්සක වැඩ කටයුතු කිරීමට ඔබව චිකිත්සක ක්‍රම වලින් පුහුණු කිරීම්, අපගෙ අන්තර්ජාල සේවාවේ මූලාශ්‍රයයි. මෙය කෙසේ වේ දැයි පහතින් විස්තර කර ඇත.
 

  • පලමුවෙන්, ඔබගේ දරුවාගේ විස්තරාත්මක තක්සේරුවක්, video ඇමතුමක් මඟින් සිදු කෙරෙයි. ඔබගේ දරුවාගේ තත්ත්වය ද ඔබගේ අවශ්‍යතා ද වඩාත් වටහා ගැනීමට මෙයින් සිදු කෙරෙයි.
     

  • ඉන්පසු, අපගේ වෛද්‍ය හා මනෝවිද්‍යාත්මක චිකිත්සක කණ්ඩායම් මඟින් ඔබගේ දරුවාට විශේෂී වූ චිකිත්සක සැලසුමක් සකස් කෙරෙයි.
     

  • මෙම සැලසුමෙහි, කෙටි කාලීන ඉලක්ක, ඔබගේ දරුවාට වඩාත් සහාය වෙන පරිදි, ඔබට ලබා දෙයි.
     

  • මෙම ඉලක්ක සපුරා ගැනීමට, චිකිත්සක ක්‍රියාවන් අඩංගු චිකිත්සක වැඩ පත්‍රිකා ඔබට ලබා දෙයි.
     

  • ඔබටත් ඔබගේ දරුවාට තවත් සහාය වන පරිදි, සෑම සතියකට අවම වශයෙන් එක් වරක් video ඇමතුම් මඟින්, ඉහත විස්තර වූ චිකිත්සක ඉලක්ක හා ක්‍රියාවන් කර ගැනීමට සුවිශේෂී පුහුණුවක් අප විසින් ඔබට ලබා දෙයි. මෙහිදී, ඔබට ඇති ඕනෑම ගැටළුවක් හෝ ප්‍රශ්නයක් හෝ විසඳා ගැනීමට අප උපකාරී වෙයි.
     

  • මෙසේ ඉලක්ක සපුරා ගැනීමට අප සමඟ එකතුවී ඔබ කරන විට, අපගේ චිකිත්සක කණ්ඩායම් දරුවාගේ දියුණුව නිරන්තරයෙන් බලා, අදාළ ලෙසට ඉලක්ක වැඩි දියුණු කිරීමට ක්‍රියා කරයි.
     

  • චිකිත්සක ක්‍රියා ආරම්භ කර මාස 5-6 වන විට, යළිත් විස්තරාත්මක තක්සේරුවක් සිදු කර, නව චිකිත්සක සැලසුමක් සකස් කර, ඔබගේ දරුවාගේ දියුණුව කරා දිගින් දිගටම වැඩ කිරීමට පියවර ගැනෙයි.
     

කෝවිඩ්-19 වසංගතය ලෝකය පුරා ආර්ථික ගැටළු සිදු කර ඇති බව අපට වැටහෙයි. එම නිසා, අපගේ ගාස්තු විශාල ලෙස පහත දමා, වට්ටම් ලබා දී, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් හැකි උපරිමයෙන් සහාය ලබා දීමට අප ක්‍රියා කර ඇත. මාසයකට US$125/£100/AUS$180 සිට ඔබට සහාය ලබා දීමට අප විසින් දැන් කටයුතු කෙරෙයි.

පහත ඇති විස්තර මඟින් අප සමඟ සම්බන්ධ වී, ඔබගේ දරුවාගේ සුභසිද්ධිය සඳහා එක්ව කටයුතු කරමු.

WhatsApp/Viber හරහා හෝ දුරකථනයෙන් අමතන්න

icon_new-purple + white bg.png
WhatsApp_Logo_1.png
Or give us your contact details - we will get back to you soon

Thank you - we will contact you soon

bottom of page